විදෙස් රටක පුරවැසිභාවය ලැබූ තවත් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ සිටිදැයි සොයා පරීක්ෂණයක් සිදු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.
ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ විදෙස් පුරවැසිභාවය සහිත, එහෙත් මෙරට පුරවැරසිභාවය නොමැති මන්ත්‍රීවරුන් සිටින බවට තොරතුරු පවතින බවයි.
ඒ පිළිබඳ අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතු බවද ප්‍රකාශ කෙරුණා.
ගීතා කුමාරසිංහ හිටපු මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව සහ ඉන් පසුව ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ද මෙහිදී අදහස් පල වුණා.
ඇයට නාම යෝජනා ලබාදී ඇත්තේ ජනතාව නොමඟ යවා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි ඔහු පෙන්වා දුන්නේ.
මහ බැංකු අධිපතිවරයා වීම සඳහා මෙරට පුරවැසියෙකු වීම හෝ නොවිම මූලික සුදුසුකමක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. එහෙත්
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෝ ජනාධිපති ධුරයක් සම්බන්ධයෙන් අන් රටක පුරවැසිභාවය තිබිම ගැටලූවට කරුණක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙම අදහස් පළ කළේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.