ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මගින් අද (05) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
මෙම මාධ්‍ය හමුවට පෙරදා මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැමිණියා.
නමුත් ඔහුව දුටු මාධ්‍යවේදින් මොහොතක් කල්පනා කළේ අද බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා පැමිණ තිබෙන්නේ පොලට ගොස් ද යන්නයි.
ඊට හේතුව පොල් ගෙඩියක් , හාල් , සීනි , පරිප්පු ආදීයත් රැගෙනයි ඔහු අද මාධ්‍ය හමුවට පැමිණ තිබුණේ.
කෙසේ වෙතත් මන්ත්‍රිවරයා එහිදී පෙන්වා දුන්නේ මෙවන විට රටේ ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බවයි.
එය ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් උදාකර ඇති බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නා.