Wednesday, January 15, 2025

General line - 0115112241

ඡන්දෙටත් එකතු වෙන්න




පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය මහජනතාවට වැදගත් මැතිවරණයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ මෙවර මැතිවරණය ජනමත විචාරණයක් බවට පත් කිරීමට ජනතාවට හැකිවනු ඇති බවයි.

සොරුන්ට එරෙහිව ඡන්දය පාවිච්චි කිරිම සඳහා ජනතාවට අවස්ථාව හිමිව ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය වෙනම තරග වැදීම සම්බන්ධයෙන් ද අදහස් පළ කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මාතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත මෙම අදහස් පළ කළා.