Thursday, September 19, 2024

General line - 0115112241

පෙම්වතියගේ අනියම් ගින්නෙන් ‘ගිනිගත්‘ තරුණයාගේ කතාවේ ඇත්ත නැත්ත මෙන්න!



සිය අනියම් පෙම්වතා සමග එක්වූ තරුණියක් සිය පෙම්වතාව නිවසට කැඳවාගෙන විත් ළණුවකින් ගැටගසා ගිනි තැබූ පුවතක් මේ වන විට අන්තර්ජාලය පුරා සැරිසරනවා.

මෙසේ ගිනි තැබීමට ලක්වූ තරුණයාගේ ඡායාරූප මේ වන විට අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

වාර්තාවන ආකාරයට මෙම තරුණයා නමින් තිවංකය. ඔහුගේ මෙම ප්‍රේම සම්බන්ධයට වසර 5 ගතවී ඇත.පසුව මෙම තරුණයා විසින් මෙම තරුණියව පාඨමාලාවක් සඳහා ඇතුලත් කර ඇත. එහිදී මෙම තරුණිය තවත් තරුණයෙකු හා සබඳතාවක් ඇති කරගෙන ඇත.

අවසානයේ මෙම තරුණිය මෙම අනියම් පෙම්වතා සහ ඇගේ සහෝදරයා සමග එක්ව මෙම තරුණයා ගිනි තබා ඇත.

මේ පිළිබඳව බියගම පොලීසියට පැමිණිලි කර ඇතත් ඔවුන් මෙම සිදුවීම යට ගසන බව අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වන මෙම පුවතේ සටහන් වී තිබුණා.

මේ පිළිබඳ ගායන ශිල්පී රහල් අල්විස් මහතාද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබූ අතර මේ පිළිබඳව විමසීමට අප ඔහුව සම්බන්ධ කරගනු ලැබුවා.

ඔහු පැවසුවේ මේ සිදුවීමේ සත්‍ය අසත්‍යතාව පිලිබඳ නොදන්නා බවත්, මෙම තරුණයාට ප්‍රතිකාර කටයුතු සඳහා දිනකට රු 3000 වැයවන බව තමා දුටු බවත්,ඔහුට පිළිසරණක් වීමට මෙසේ තම ෆේස්බුක් ගිණුමේ මෙය පලකළ බවත්ය.

කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳ අප බියගම පොලීසියෙන් විමසීමක් කරනු ලැබුවා.

ඔවුන් පැවසුවේ මෙතෙක් එවැනි පැමිනිල්ලක් ඔවුන් වෙත ලැබී නොමැති බවයි.

13718527_1194822443881466_1382878904889935466_n

13754596_1194822297214814_4002426133404255246_n

13769626_1194822393881471_7757854896670252030_n

13770257_1194822410548136_2956863193357114475_n

13775750_1194822347214809_3928099084180932448_n

13813662_1194822377214806_3316707654246801885_n