ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් පොදු රාජ්ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ නියෝජිතයින්ව අද (06) දිනයේ මුණ ගැසීමට සූදානම් වනවා.
එම කණ්ඩායමේ නායකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධනයි.
මීට අමතරව මහින්ද යාපා අබේවර්ධන, බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ සහ රමේෂ් පතිරණ යන මන්ත්රිවරුන් එම නියෝජිත කණ්ඩායමේ සෙසු සාමාජිකයින්.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට වර්තමානයේ මුහුණ දීමට සිදුවන අභියෝග සහ ප්රශ්න පිළිබඳ පොදු රාජ්ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ නියෝජිතයින් දැනුවත් කිරීම මෙහි අරමුණයි.
තමන්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉකුත් දා ලෝක අන්තර් පාර්ලිමේන්තු සංගමයද දැනුවත් කළා.