Thursday, May 2, 2024

General line - 0115112241

කහවත්ත කොටකෙතන ඇලේ මළ සිරුරක් 

ඉෂාර සුපෙම් මානගේ




කහවත්ත කොටකෙතන ඇලේ නඳුනන මළ සිරුරක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම ඇමතුම ලැබී ඇති අතර එහිදී ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මළ සිරුර පිරිමි පුද්ගලයෙකුගේ වන අතර ඔහු කවුරුන්ද යන්න මෙතෙක් අඳුනාගෙන නැහැ.

මෘත ශරීරය මූලික පරීක්ෂණවලින් පසු පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සඳහා රත්නපුර රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

පසුගිය සමයේ කහවත්ත ප්‍රදේශයේ සිදු වූ ඝාතන රැල්ලක් නිසා ජනතාව අතර නොසන්සුන් තත්ත්වයක්ද හටගෙන තිබුණා.