Friday, May 3, 2024

General line - 0115112241

ඝාතන කොන්ත්‍රාත්තුව ආවේ බන්ධනාගාරයෙන් - ඊයේ කොටු වූ සැකකරු සියල්ල වමාරයි




ගම්පහ රෝහල අසළ ගිනි අවි සමග මෝටර් රථයක් දමා ගිය සැකකරු ග‍්‍රෑන්ඞ්පාස් පොලිසියට පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා.

ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ ගම්පහ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා තමන් ඇතුළු පිරිස මෙම මෝටර් රථයෙන් ගමන් කළ බවයි.

එම කොන්ත‍්‍රාත්තුව තමන් ඇතුළු පිරිසට ලබා දුන්නේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාතාල සාමාජිකයෙකු බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.

ගම්පහ රෝහල අසල දමා ගොස් තිබූ මෙම මෝටර් රථයේ තිබී ටී 56 ගිනි අවි 3ක් සොයා ගැණුනා.

මෝටර් රථයේ රියදුරු ඊයේ (08) අත්අඩංගුවට ගැණුනේ ග‍්‍රෑන්ඞ්පාස් කිරිමුතු උයන නිවාස සංකීරණයේ සැඟව සිටියදියි.