Saturday, May 4, 2024

General line - 0115112241

හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා අධිකරණයට

කසුන් කැලුම්




මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණි සෙනරත් අද (09) පෙරවරුවේ කොළඹ - කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා.

ඒ, මීට පෙර ඔහු අධිකරණයට ලබා දුන් පොරොන්දුවක් අනුවයි.

රුපියල් බිලියන 4ක මුල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ගාමිණි සෙනරත්ට එරෙහිව නඩු පවරා තිබුණා. 

ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාගැනීම සඳහා කැඳවුවද ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී නොසිටි බවයි එහි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ.

ඒ අනුව ගාමිණි සෙනරත් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණ නියෝගයක් ද ලබාගත්තා. 

කෙසේ වෙතත් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානියා කියා සිටියේ අදාළ චෝදනා සම්බන්ධයෙන් තමන් අද (09) දිනයේ අධිකරණයේ පෙනී සිටින බවයි. 

ඒ අනුව ඔහු අද අධිකරණයට පැමිණි අතර සිද්ධියට අදාළ නඩුවක් මෝසමක් මාර්ගයෙන් කැඳවීමටයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය තීරණය කර ඇත්තේ.