Sunday, May 5, 2024

General line - 0115112241

අය වැය විවාදය අද ඇරඹේ! අවසන් ඡන්දය දෙසැම්බර් 09

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න




2018 අයවැය දෙවන වර කියවීම අද (10) ආරම්භ වනවා. ලබන 16 වනදා දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිතයි. එදින පස්වරුවේ අයවැය දෙවන වර කියවීමේ ඡුන්ද විමසීම පැවැත්වෙනවා. 

අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා විවාදය ලබන 17 වනදා ආරම්භ වීමට නියමිතයි. එහි ඡන්ද විමසීම දෙසැම්බර් මස 09වනදා සිදු කෙරෙනවා. 

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඊයේ ඉදිරිපත් කෙරුණේ ඔහුගේ මංගල අයවැයයි. මෙය වත්මන් ආණ්ඩුවේ තුන්වන අයවැය ද වනවා. 

අයවැය ගැන ඔබේ මතයට ද අවස්ථාව ලබාදීමට නෙත් නිවුස් සූදානම්. ඔබේ අදහස් 077 902 18 24 අංකයට වයිබර් කරන්න. එම අදහස් ලිඛිතව හෝ ඔබේ හ`ඩින්ම පටිගත කර නෙත් නිවුස් යොමු කළ හැකියි. 

----------------------------------------------

නීල හරිත අයවැයෙන්  ලොස් ඇන්ජලීස්, ලන්ඩන් හා මුම්බායිහි සැණකෙලි 03ක්

09-11-2017 18:19

2018 අයවැය කතාව මේ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට අද (09) ඉදිරිපත් කරනු ලබමින් සිටිනවා. අමාත්‍යවරයා කියා සිටියේ මෙවර අයවැය ‘‘නීල හරිත අයවැය’’ යන තේමාව යටතේ ඉදිරිපත් කරන බවයි. රාජ්‍ය ආදායම සහ අයවැය පරතරය සම්බන්ධයෙන් ද එහිදී අදහස් පළ කෙරුණා. 

තම අභිමතය පරිදි සේවා කාලය තීරණය කිරීම සඳහා සේවකයින්ට අවස්ථාව සලසමින් නව නීති ගෙන ආ යුතු බවටද මෙහිදී යෝජනා කෙරුණා. එමෙන්ම වාහන සඳහා සිදු කෙරෙන බදු සංශෝධන පැහැදිලි කෙරුණේ මෙලෙසින්. 

සෑම ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයකම ඇවිදින මංතීරුවක් හා පුස්තකාලයක් සහිත හරිත උද්‍යානයක් ඉදි කිරීමට ද යෝජනා කෙරුණා. උණහපුලූවා, හඳුන් දිවියා, කබැල්ලෑවා ඇතුළු වඳවීමේ තර්ජනයට ලක්වූ සතුන් සංරක්ෂණය සඳහා මෙවර අයවැයෙන් වෙන් කළ මුදල මිලියන 20ක්. ජංගම දුරකතන සංපේ‍්‍රෂණ කුළුණු අධෛර්ය කිරීම සඳහා නව ගාස්තුවක් අය කිරීමට ද මෙවර අයවැයෙන් යෝජිතයි. වී, බඩඉරිගු, සෝයා, අර්තාපල් සහ මිරිස් යන බෝග වර්ග පහ සඳහා වන කාලගුණික හානි වෙනුවෙන් නව රක්ෂණ ක‍්‍රමයක් හඳන්වාදීමට ද යෝජිතයි. 

බහුදින ධීවර යාත‍්‍රාවල ශීතකරණ සඳහා යන වියදමෙන් සියයට පනහක් රජයෙන් ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා. තෝරාගත් කෘෂිකාර්මික උපකරණ ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කිරීමට ද යෝජිතයි. 

මෙම වසර තුළ ආනයන අපනයන සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට ද මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවතින අයවැයෙන් යෝජනා කෙරුණා. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන දස දහසක්. කාන්තාවන් සහ තරුණයන් පාදක සමාගම් සඳහා වැඩි ඉඩකඩක් හිමි වන අතර ඒ සඳහා ණය පහසුකම් ලබාදීමට ද මෙවර අයවැයෙන් යෝජිතයි. ආබාධ සහිත තැනැත්තන්ට ව්‍යවසාය සඳහා සියයට 15 ක පොලී සහනයක් යටතේ ණය පහසුකම් ලබාදීමටයි යෝජනා කෙරුණේ. 

දිළිදුකම, විරැකියාව තුරන් කිරීම සඳහා ශ‍්‍රම ශක්ති වැඩසටහන් ශක්තිමත් කරමින් කුඩා ව්‍යාපාර සඳහා සහන ලබාදීමට ද යෝජිතයි. මොරටුව සහ කොළඹ විශ්ව විද්‍යාලවල රොබෝ තාක්ෂණය ඇතුළු නව තාක්ෂණික විෂයන් පිළිබඳ පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා. තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ අපනයනකරුවන් දිරිගැන්වීම සඳහා මෙවර අයවැයෙන් වෙන් කළ මුදල රුපියල් බිලියන 03ක්. දේශීය ව්‍යාපාරිකයින් දිරිමත් කිරීම සඳහා ඇතැම් විදේශ ආයෝජන සීමා කිරීමට ද යෝජිතයි. 

පොල්තෙල් හා පොල් මද ආශ‍්‍රිත නිෂ්පාදන ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කිරීමට ද යෝජනා කෙරුණා. දෙමුහුනු පොල් පැළ නිෂ්පාදනය සඳහා රුපියල් මිලියන 25ක් වෙන් කිරීමටයි යෝජනා කෙරුණේ. කපා නැවත අපනයනය සඳහා ගෙන්වන මැණික් ගල් ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කිරීමට ද යෝජිතයි. සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනෙන නිවාස සංවර්ධනය සඳහා ණය පහසුකම් ලබාදීමට ද මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා. තෝරාගත් දුම්රිය ස්ථාන පෞරණික ස්වභාවය සුරැකෙන පරිදි පෞද්ගලික අංශය හා එක්ව සංවර්ධනය කිරීමට ද යෝජිතයි. 

මේ අතර ශ‍්‍රී ලංකාව යන නාමය ප‍්‍රවර්ධනය කිරීම සදඟා ලොස් ඇන්ජලීස්, ලන්ඩන් හා මුම්බායිහි සැණකෙලි 03ක් පැවැත්වීමට ද  මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා. සංචාරක හිතැති ටුක් ටුක් නමින් ත‍්‍රීරෝද රථ ව්‍යවසායකයින් දිරි ගැන්වීමේ නව යෝජනාවක් මෙහිදී ඉදිරිපත් කෙරුණා. 

ත‍්‍රීරෝද රථ නියාමනය සඳහා නව අධිකාරියක් ද පිහිටුමටයි වැඩිදුරටත් යෝජනා කෙරුණේ. ත‍්‍රීරෝද රථ රියදුරන් සංචාරක මාර්ගෝපදේශකයින් ලෙෂ පුහුණු කිරීමට ද මෙහිදී යෝජනා කෙරුණා. 

පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදන අධෛර්යමත් කිරීම සඳහා නව නිෂ්පාදන බද්දක් පැනවීමට ද යෝජිතයි. විදෙස් ගමන් බලපත‍්‍ර හිමියන්ට වැට් බදු යළි ගෙවීමේ ක‍්‍රමයක් ස්ථාපිත කිරීමට ද යෝජනා කෙරුණා. තරුණයින් රැකියා සශ‍්‍රී ලංකාව යන නාමය ප‍්‍රවර්ධනය කිරීම සදඟා ලොස් ඇන්ජලීස්, ලන්ඩන් හා මුම්බායිහි සැණකෙලි 03ක්හා සූදානම් කිරීමේ අරමුදලක් පිහිටුවීමට ද මෙවර අයවැයෙන් යෝජිතයි.  ඒ සඳහා වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 2500ක්.

බදුල්ල, මහනුවර, ත‍්‍රීකුණාමලය, රත්නපුරය හා අනුරාධපුර යන දිස්ත‍්‍රික්කවල ජාත්‍යන්තර මට්ටමේ නව තාක්ෂණික වෘත්තීය පුහුණු පාසල් 05ක් ස්ථාපිත කිරීමට ද යෝජනා කෙරුණා. ඒ වසර 03ක කාලයක් තුළයි. හෝටල්, සත්කාරක සේවය, සිවිල් හා මෝටර් කාර්මික තාක්ෂණය යන පාඨමාලා එම මධ්‍යස්ථාන තුළ ක‍්‍රියාත්මක කෙරෙණු ඇති. 

ජාන විද්‍යාව, කේතකරණය හා රොබෝ තාක්ෂණය යන විෂයන් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට 2018 අයවැයෙන් යෝජනා කෙරුණා. සබරගමුව, වයඹ හා මොරටුව විශ්ව විද්‍යාලවල වෛi පීඨ සඳහා රුපියල් මිලියන 1250ක් වෙන් කිරීමටයි යෝජනා කෙරුණේ. එමෙන්ම අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන් වෙනුවෙන් ගෙවනු ලබන දීමනාව රුපියල් 3500 සිට පන්දහස දක්වා වැඩි කිරීමට ද යෝජනා කෙරුණා. දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයක් ස්ථාපිත කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා. පාසල් සිසුන්ට සමාන රක්ෂණාවරණයක් විශ්ව විද්‍යාලය සිසුන්ද ලබා දීමටයි මෙවර අයවැයෙන් යෝජනා කෙරුණේ. මාතලේ කෘත‍්‍රීම හොකී ක‍්‍රීඩාංගණය ප‍්‍රතිසංස්කරණය කිරීම ස`දහා රුපියල් මිලියන 400ක් වෙන් කෙරෙනවා. දියගම ප‍්‍රදේශයේ ක‍්‍රීඩා පාසලක් හා ඇකඩමියක් ස්ථාපිත කිරීමට ද මෙවර අයවැයෙන් යෝජිතයි. ඒ ස`දහා වෙන් කෙරුණු මුදල රුපියල් බිලියන 1500ක්. 

ක‍්‍රීඩා සපත්තු ආනයනයේ දී තීරු බදු හැර අන් සියලූ ආනයන බදු අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත් කෙරෙනවා. පාන වර්ගවල අඩංගු සීනි සඳහා ග‍්‍ර‍්‍රැම් එකකට ශත පනහක බද්දක් අද මධ්‍යම රාත‍්‍රියේ සිට හඳන්වා දුන්නා. එච් අයි වී ආසාදිතයින් කලින් හඳනා ගැනීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට ද යෝජිතයි. 

2018 වසරේ අපේ‍්‍රල් පළමු වනදා සිට මත්පැන් මත ජාතිය ගොඩනැගීමේ බද්දක් පැනවීමට ද යෝජනා කෙරුණා. මත්පැන්වල අඩංගු සැර ප‍්‍රමාණයන් මත පදනම් වූ නව බදු ක‍්‍රමයක් ද හඳුන්වා දෙනු ඇති. සංචාරක ක්ෂේත‍්‍රය වෙනුවෙන් ආනයනය කරන ඇතැම් ආහාර පාන සඳහා වූ බදු ඉවත් කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා. ග‍්‍රාමීය මාර්ග හා ගංවතුරෙන් හානි වූ මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 4000ක් වෙන් කිරීමටයි යෝජනා කෙරුණේ. සයිබර් අපරාධ විමර්ශනය කළ හැකි පරිදි පොලිසිය ශක්තිමත් කිරීම ද මෙවර අයවැයේ ඇතුළත් යෝජනාවක්. මූල්‍ය අපරාධ, දුෂණ, සංවිධානාත්මක අපරාධ නඩු ප‍්‍රමාදය වැළැක්වීමට ශ‍්‍රව්‍ය දෘශ්‍ය පද්ධතියක් සහිත නව අධිකරණයක් ස්ථාපිත කිරීමට ද මෙවර අයවැයෙන් යෝජිතයි. නව බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීම ස`දහා රුපියල් මිලියන පනහක් වෙන් කිරීමට ද නියමිතයි.

සේවකයින් 500ට වඩා වැඩි රාජ්‍ය ආයතනවල ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට ද යෝජනා කෙරුණා. කලාකරුවන්ට වෛද්‍ය රක්ෂණ ක‍්‍රමයක් හඳුන්වාදීමටයි එහිදී වැඩිදුරටත් යෝජනා වුණේ. 

2018 වසරේ අපේක්ෂිත අයවැය හිඟය රුපියල් බිලියන 675ක්. අපේක්ෂිත මුළු ආදායම් සහ ප‍්‍රදාන රුපියල් බිලියන 2326ක් ද රජයේ මුළු වියදම රුපියල් බිලියන 3001 ද වනවා. 

මුළු වියදම්වලින් රුපියල් බිලියන 2250ක් වර්තන වියදම්. වැටුප් හා වේතන පොලී ගෙවීම් හා සහනාධාර වැනි අයිතම ඊට ඇතුළත්. රාජ්‍ය ආයෝජන රුපියල් බිලියන 761ක් වනවා.