Friday, May 3, 2024

General line - 0115112241

අය වැයට නීතීඥ සංගමයෙන් පැසසුම් සමග යෝජනා

ඩිල්ෂාන් මඩවල




ඉතා පැරණි ඇතැම් නීති සංශෝධනය කිරීමට ඊයේ (09) ඉදිරිපත් කෙරුණු අයවැයෙන් කළ යෝජනාව ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ පැසසුමට ලක්වනවා. කෙසේ වෙතත් එවැනි සංශෝධන හදිසියේ සිදු නොකළ යුතු බව ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා පවසනවා.

පැරණි නීති කාලානුරූපීව සංශෝධනය කරනවාත් සමග නීති කෙටුම්පත් මණ්ඩලයට අවශ්‍ය පරිවර්ථකයින් බඳවා ගන්නා  ලෙසද ඔහු යෝජනා කරනවා.

නඩු ප‍්‍ර‍්‍රමාදය වැළැක්වීම සඳහා ඇතැම් කරුණු සම්බන්යෙන් විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට ද ඊයේ ඉදිරිපත් කෙරුණු අයවැයෙන් යෝජනා කෙරුණා.  ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති, ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මෙම යෝජනාව සම්බන්ධයෙන්  පැවසුවේ විශේෂ අධිකරන අවශ්‍ය නොවන බවය. පවතින අධිකරණ මගින් කාර්යක්ෂමව එය කළ හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

නඩු කටයුතු ප‍්‍රමාද වීම වැළැක්වීමට ගතහැකි තවත් පියවර කිහිපයක් ද මෙහිදී යෝජනා කෙරුණා. සේවකයින්ගේ ගුණාත්මක තත්ත්වය ඉහළ දැමීම, පදිංචි ස්ථානයේ සිට ආසන්නසේවා ස්ථානයක රාජකාරි ලබා දීම, විනිසුරුවන්ගේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් පවසන්නේ ඇතැම් අධිකරණයක ඇප හිමි වද්දී ඇතැම් අධිකරණයකදී එම චෝදනාවටම ලක්වන තැනැත්තා රක්ෂිත බන්ධනාගාර ගතකරනා බවය.

ශ‍්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම වැනි අධිකරණවල තාක්ෂණික පහසුකම් වැඩි කිරීමට ඉදිරිපත් වූ යෝජනාව ද යහපත් එකක් බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.