Friday, May 3, 2024

General line - 0115112241

අට වැනි පාර්ලිමේන්තුවේ අලුත්ම මන්ත්‍රී දිවුරුම් දෙයි! ඒකාබද්ධ විපක්ෂයට එකක් අහිමියි (PHOTOS/ UPDATE)

චම්ලි ඒකනායක/ මේනකා රත්නායක




ගීතා කුමාරසිංහගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය සඳහා පියසේන ගමගේ අද උදෑසන 9.30ට පමණ  දිවුරුම් දුන්නා. ඒ කතානායක කරු ජයසුරිය මහතා ඉදිරියේ.

දිවුරුම්දීමෙන් අනතුරව මන්ත්‍රීවරයා ආණ්ඩු  පක්ෂයේ අසුන්ගත්තා. එහිදී සභාවේ උණුසුම් පිළිගැනීමක් ද දක්නට  ලැබුණා. 

ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළේ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකාවක් ලෙසින්ය.

-----------------------------------------------------

හිටපු ඇමති යළි අද සිට පාර්ලිමේන්තුවට!

10-11-2017 07:15

ගීතා කුමාරසිංහගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය සඳහා පියසේන ගමගේ නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය, එහි සාමාජිකයින් වන එන් ජේ. අබේසේකර සහ එස්. රත්නජීවන් යන අයගේ අත්සනින්.

අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කර ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයකට නුසුදුසු බවට නියෝග කර ඇතැයි එහි දැක්වෙනවා. ඒ අනුව ඇති වූ පුරප්පාඩුව සඳහා පියසේන ගමගේ නම් කරන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ. 

මේ සම්බන්ධයෙන් www.nethnews.lk කළ විමසීමේදී හිටපු අමාත්‍ය පියසේන ගමගේ පැවසුවේ තමා අද (10) දින පාර්ලිමේන්තු සභාවාරයට සහභාගීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බවය. ඔහු 1989 වසරේ සිට 2015 වසර දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා.