Friday, May 3, 2024

General line - 0115112241

හෙරොයින් කිලෝ 2ක් එක්ක බස් රථයේ සිටි අයෙක් අත්අඩංගුවට

මාධව කුලසූරිය -වවුනියාව




හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 226 ක් සමග සැකකරුවෙකු ඊයේ (09)  සවස වවුනියාව බස් නැවතුම්පොළේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසනවා. ලද තොරතුරක් මත යාපනය සිට කොළඹ බලා ධාවනය වු බස් රථයකින් මත්ද්‍රව්‍ය තොගය ප‍්‍රවාහනය කළ සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය කයිතඩි, නාවට්කුලි ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයෙකි. පොලිසිය පැවසූවේ අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට අද(10) ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.