Friday, May 3, 2024

General line - 0115112241

වැඩක් කරන්න බැරි ඇමතිකමේ ඉන්නවාද නැද්ද 23දා තීරණය කරනවා

රංජිත් රාජපක්ෂ - හැටන්




තමන් තවදුරටත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යධුරයේ රැඳී සිටිනවාද නැද්ද යන්න පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශ වැය ශිර්ෂ ප‍්‍රකාශයෙන් පසු තිරණයකට එළඹෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධා කි‍්‍රෂ්නන් පවසනවා. අධ්‍යාපන අමාත්‍යංශ වැය ශිර්ෂය මෙම මස 23දා විවාදයට ගැනීමට නියමිතයි.

මාධ්‍යට විශේෂ ප‍්‍රකාශයක් කරමින් වි.රාධා කි‍්‍රෂ්නන් කියා  සිටින්නේ තමන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වුවද තමන්ට අමාත්‍යංශයෙන් කිසිදු වැඩ කටයුත්තක් සිදුකිරිමට එම අමාත්‍යංශයේ නිලධාරින් සහයෝගය ලබා නොදෙන බවයි.

තමන් දෙමළ විෂය සමිබන්ධයෙන් කටයුතු කිරීමේදී පවත්නා තත්ත්වය මත ගැටළු රැසක් මතුවි ඇති බවයි රාධා කි‍්‍රෂ්නන් කියා සිටින්නේ. තමන්ට පැන නැගි ඇති මෙම ගැටළු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සමග අවස්ථා කිහිපයකදි සාකචිජා පවත්වා එයට විසදුමක් නොලද නිසා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සමග සාකච්ජා පැවැත්වු  අවස්ථාවේ ජනාධිපතිවරයා මේ පිළිබදව අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ජාකරන ලෙස පැවසිමෙන් පසු අග‍්‍රාමාත්‍යවරයා සමගද සාකච්ජා කළත් එයටද විසදුමක් නොලද නිසා තමන් දැඩි තිරණයකට එළබි බවයි ඔහු පවසන්නේ.

තමන් මධ්‍යම පළාතේ දෙමළ අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී මිට වඩා සේවාවක් අධ්‍යාපනය වෙනුවෙන් කළ බවත් තමන් දැනට දරන අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යධුරයේ කිසිදු වැඩ  කටයුත්තක් සිදුකිරිමට අවකාශ නොලැබිම සම්බන්ධයෙන් කඳුරට ජනතා පෙරමුණේ විශේෂ රැස්විමක් හෙට (11) නුවරඑළියේදි පවත්වා තම පක්ෂයේ තිරණය අනුව තමන් ඉදිරි පියවර ගන්නා බවයි
රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ.

රාජ්‍ය අමාත්‍යධුරය හැරගියද තමන් වත්මන් ආණ්ඩුව  බලයට පත් කිරිමට විශාල කැපවිමකින් කටයුතු කළ නිසා රජයෙන් ඉවත් නොවන බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.