Friday, May 3, 2024

General line - 0115112241

අය වැයෙන් පසු වාහන මිල වැඩිවෙන හැටි ගැන ප්‍රකට ආයතනයක් කියයි! එක වාහනයක් කෝටියකින් වැඩි වෙලා

හේමන්ත කහවලගේ




මෙවර අයවැය මගින් වාහන සඳහා වන බදු සංශෝධනය කිරීමට ද යෝජනා කෙරුණා. ඒ, එන්ජින් ධාරිතාව හෝ එන්ජිමේ යාන්ත‍්‍රික බලය මත පදනම් වූ සුත‍්‍රයක් අනුවයි. මෙම යෝජනාවට අනුව ඇතැම් වාහනවල මිල වැඩිවනු ඇතැයි ද ඇතැම් වාහනවල මිල අඩු වනු ඇතැයි ද ප‍්‍රකට ගණකාධිකරණ ආයතනයක් වන ප‍්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් පවසනවා. ඔවුන්ගේ අනුමාන කිරීම්වලට අනුව මිට්ෂුබිසී මොන්ටේරෝ රථයක මිල රුපියල් එක්කෝටි 28 ලක්ෂයකින් පමණද, බී එම් ඩබ්ලිව් 520 D රථයක මිල රුපියල් ලක්ෂ 20කින් පමණ ද වැඩිවනු ඇති. 

ටොයොටා ඇක්වා, ඇක්සියෝ සහ හොන්ඩා වෙස්ල් යන ප්‍රෙටල් හයිබි‍්‍රඞ් මෝටර් රථවල මිල රුපියල් 7,45,000කින් පමණ වැඩි වනු ඇතැයි ද අනුමාන කර තිබෙනවා. ටොයොටා හැරියර් මෝටර් රථයක මිල රුපියල් 9,93,000කින් පමණ ද මර්සිඩීස් බෙන්ස් පෙට‍්‍රල් හයිබි‍්‍රඞ් රථයක මිල රුපියල් ලක්ෂ 10කින් පමණ ද වැඩි වනු ඇති. 

ටොයොටා ඇලියොන් මෝටර් රථයක මිල රුපියල් 8,95,000කින් පමණ වැඩිවනු ඇති බවටයි අනුමාන කර තිබෙන්නේ. ටොයොටා පි‍්‍රමියෝ මෝටර් රථයක මිල රුපියල් 9,95,000කින් පමණ ද ටොයොටා ප‍්‍රාඩෝ රථයක මිල රුපියල් 8,40,00කින් පමණ ද වැඩි වනු ඇති. 

නිසාන් ලීෆ් විද්‍යුත් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 10කින් පමණ අඩුවනු ඇතැයි අපේක්ෂිතයි. මීට අමතරව බී එම් ඩබ්ලිව් අයි ත‍්‍රී විද්‍යුත් මෝටර් රථයක මිල රුපියල් 19ලක්ෂ 50,000කින් පමණ අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.