Friday, May 3, 2024

General line - 0115112241

කෝච්චියේ අනවසර වෙළඳාම් බෑ




දුම්රිය මැදිරිවල අනවසර වෙළඳාම් කටයුතු සිදු කිරිමට ඉඩ නොදෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි එස්.එම්.අබේවික්‍රම කියා සිටියේ දුම්රිය මැදිරිවල වෙළඳාම් කිරිම හේතුවෙන් මගී ජනතාව අපහසුතාවයට පත්වන බවයි.

එම නිසා දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවයන් හා අවහිරයන් අවම කිරීම සම්බන්ධයෙන් දුම්රිය බළධාරීන්ගේ අවදානය යොමු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මෙහිදී දුම්රිය මගීන්ගෙන් කෙරෙන පැමිණිලි පිළිබඳව  විශේෂ අවධානයක් යොමු කිරීමට දුම්රිය බළධාරීන් කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය පහතින් කියවන්න.