Friday, May 3, 2024

General line - 0115112241

මැලේසියාවට පන්නන්න හැදු ඩොලර් තොගයක් රේගු භාරයට

කටුනායක - ටී.කේ.ජී.කපිල




රුපියල් තුන් කෝටි විසි හතර ලක්ෂ හතලිස් අට දහසක් (3,24,48,000) වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යෑමට තැත් කළ ව්‍යාපාරිකයන් සිව් දෙනෙකු අද (10) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

රේගුවට අදාළ මුදල් රැගෙන යන බව දැනුම් දීමක් කර නොමැති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ දර්ශන සිල්වා කියා සිටියා.

මොවුන් වයස අවුරුදු 35 සිට අවුරුදු 50 දක්වා වූ වයස් වල පසුවන මැලේසියානු ජාතික ව්‍යාපාරිකයන් සිව් දෙනෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් (10) දින උදෑසන 6.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත් යාමට නියමිතව තිබු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 314 දරන ගුවන් යානයෙන් මෙම මුදල් රැගෙන යාමට කටයුතු යොදා තිබුණා.

ඔවුන් ව්‍යාපාරිකයන් සඳහා වෙන් කර ඇති "සේද මාවත " (Silk Route) නැමති පහසුකම් සහිත මංතීරුව ඔස්සේ ගුවන් යානය වෙත ගමන් කරමින් සිටියදී ඇමෙරිකානු ඩොලර් තොගය රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.