Saturday, July 27, 2024

General line - 0115112241

අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ අවස්ථාව ඔබටත්




රාජ්‍ය ආයතනවලින් සපයනු ලබන ඇතැම් සේවා සඳහා වන ගාස්තු සියයට 15කින් වැඩි කිරීමට ඊයේ (09) ඉදිරිපත් කෙරුණු අයවැයෙන් යෝජනා කෙරුණා.

පාර්ලිමේන්තුවේ අද (10) පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ වසර 03ක් ඇතුළත සංශෝධනය වී නොමැති සේවා ගාස්තු පමණක් මෙලස වැඩි කෙරෙන බවයි.

එහිදී 2018 අය - වැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ වෙනම ඒකකයක් ලබන මස සිට ආරම්භ කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියා.

මෙම ඒකකය මගින් ලබන වසරේ සිට අයවැය යෝජනාව ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් සෑම මසකට වරක්ම මාධ්‍ය දැනුවත් කරන බවයි මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ.

සංචාරක කලාපවල තිබෙන ත්‍රිරෝද රථ රියදුරන් සඳහා පන්ති පැවැත්වීමට කටයුතු කරන බවද මෙහිදී සඳහන් වුණා.

විදේශ ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත්, සත්වෝද්‍යාන සහ උද්භිද උද්‍යාන ප්‍රවේශපත්, අධිකරණ සේවා සහ තැපැල් සේවාවලට අදාළ ගාස්තු මීට ඇතුළත් වනවා.

මේ අතර අයවැය සම්බන්ධයෙන් ඔබේ මතයට ද අවස්ථාවක් ලබාදීමට නෙත් නිවුස් සූදානම්.එම අදහස් ලිඛිතව හෝ පටිගත කළ හඬපටයක් ලෙස 077 902 18 24 අංකයට වයිබර් කළ හැකියි.