Saturday, July 27, 2024

General line - 0115112241

රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියාගේ වැඩ තහනම්




විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ පසුගිය සමයේ ඔහුට එරෙහි එල්ල වූ විෂමාචාර කිහිපයක් හේතුවෙන් මෙලෙස වැඩ තහනම් කළ බවයි.

ඉකුත් කාල සීමාව තුළදී පැවැත්වූ විභාගවල උත්තර පත්‍ර පරීක්ෂාව, ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩලය නම් කිරීම සහ විභාගවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් පිළිබ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් මත තවදුරටත් විශේෂ විමර්ශන ද සිදු කිරීමට නියමිතයි.