Saturday, July 27, 2024

General line - 0115112241

වාහන මිල වෙනස් වෙන හැටි ගැන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය කියන දේ 

ගීතික චතුරංග සූරියආරච්චි




2018 අය වැය යෝජනාවලට අනුව  රථ වාහන මිල ගණන් වෙනස් වන ආකාරය පිළිබඳව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අද (10) පැහැදිලි කිරීමක් කළා. 

ඔවුන් නෙත් නිවුස් වෙත කියා සිටියේ රථ වාහන වෙනුවෙන් අය වැයෙන් යෝජනා කෙරුණු ඇතැම් යෝජනා ගැටලූ සහගත බවයි. 

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන කියාසිටියේ 2018 අය වැය යෝජනාවලට අනුව එන්ජින් ධාරිතාව 1000ට අඩු ඇල්ටෝ සහ වැගනාර් වර්ගයේ මෝටර් රථ රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක් ලක්ෂ පනස් දහස දැක්වා මුදලකින් අඩු වනවා. 

ඇක්සියෝ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් හත් ලක්ෂ පනස් දහසකින් පමණ ඉහළ යන බවද ඔහු කියා සිටියා. 

අය වැය යෝජනාවලට අනුව සිදුවන රථ වාහන මිල ගණන්වල වෙනස්වීම් පිලිබඳවද කීර්ති ගුණවර්ධන පැහැදිලි කළා.