Friday, May 3, 2024

General line - 0115112241

තෙල් බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වෙයි




මුතුරාජවෙළ සිට හැටන් කොටගල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩාව වෙත රැගෙන යමින් සිටි බවුසර් රථයක් ගිනිගත්හේන ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අද (10) අනතුරට ලක්ව තිබෙනවා.

එම අවස්ථාවේ දී තෙල් ලීටර 30000ක් පමණ බවුසර් රථය මගින් ප්‍රවාහනය කර තිබෙන බවයි පොලිය පැවසුවේ.

මේ හේතුවෙන් හැටන් - ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වුණා.

මාර්ගයේ අධික වේගයෙන් ඉදිරියට පැමිණි ලංගම බස් රථ දෙකකට ඉඩ ලබාදීමට යාමේ දී මෙම අනතුර සිදුවූ බවයි බවුසර් රථයේ රියදුරු පැවසුවේ.