Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දියාවේ විශ්වවිද්‍යාල ක‍්‍රීඩාංගණයක චන්දිමාල්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව පිටියට




ඉන්දිය තරග සංචාරයක නිරත ශ‍්‍රී ලංකා කණ්ඩායම අද සිය පළමු දෙදින තරගයට එක් වනවා. ඒ, ඉන්දිය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ පිළට එරෙහිවයි. මෙම තරගය කොල්කටාහි ජදාවුපූර් විශ්වවිද්‍යාල ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. දිනේෂ් චන්දිමාල් ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර, සංජු සැම්සන් ඉන්දිය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ පිළට නායකත්වය ලබා දෙනවා. 

ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමග ටෙස්ට් තරග 3කට එක්දින තරග 3කට සහ පන්දුවාර 20 තරග 3කට සහභාගී වනවා. දෙරට අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක‍්‍රීඩාංගණයේ දී ලබන බ‍්‍රහස්පතින්දා ආරම්භ වනවා.