පොලිස් අණ නොතකා ධාවනය වූ කුඩා ලොරි රථයකට අම්බලන්තොට පොලිසියේ නිලධාරීන් අද (11) අළුයම එල්ල කළ වෙඩි ප්රහාරයකින් තරුණයකු මියගොස් තිබෙනවා. එම ලොරියේ ගමන් ගත් තෙවත් දෙදෙනකු ලොරිය මහමග දමා පලාගොස් ඇති අතර අද උදෑසන පොලිසියට බාර වී තිබෙනවා. බාරවූ දෙදෙනා අතර රියදුරුද වනවා.
මූලික විමර්ශණ වලින් අණාවරණය වී ඇත්තේ මොවුන් හොරෙන් කෙසෙල් කැන් තොගයක් කපාගෙන එමින් සිටි ඇති බවය. එක් අයෙකුට වෙඩි වැදුනු පසුවද ලොරිය ධාවනය කර තිබෙනවා. පසුව ඔවුන් දෙදෙනා වෙඩි වැදුණු තරුණයා සහ ලොරි දමා පලාගොස් තිබෙනවා.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ මුර සංචාරයේ නියුතු නිලධාරීන් පිරිසක් හිස්වැසුම් නොමැතිව යමින් සිටි යතුරු පැදියක් නවත්වන්නට අණ කළ අවස්ථාවේ එය නොනවත්වා ධාවනය කරද්දී ඒ පසුපසින් කුඩා ලොරි රථයක්ද පැමිණි බවය. එයටද නැවැත්වීමට සංඥා කළ විට පොලිස් නිලධාරීන් පිරිස දෙසට වෙට්ටු දමා, පොලිස් නිලධාරීන්ට වෙඩි ප්රහාරයක්ද එල්ලකොට පලා ගිය බවයි. එවිට පොලිස් නිලධාරියකු ලොරි රථයට වෙඩි තබා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
-------------------------------------------------
කෙසෙල් ලොරියේ ගිය තරුණයා වෙඩි තබා මරා දමලා
11-11-2017 09:20
අම්බලන්තොට කොග්ගල්ල හබරත්තවල ප්රදේශයේදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසනවා. ඝාතනයට ලක්ව ඇත්තේ කොග්ගල්ල ප්රදේශයේම වයස අවුරුදු 20 ක පමණ තුරුණයෙකු බවයි වැඩිදුරටත් කියා සිටියේ. අද අළුයම පොලිසිය විසින් මෙම මළ සිරුර සහ ලොරි රථය සොයාගෙන තිබෙනවා.
අදාල තරුණයා ඝාතනය කර ඇති ස්ථානයේ කෙසෙල් කැන් කීපයක්ද විසිරි තිබෙන බවත් ඒ අසානනයේ කුඩා ලොරියක්ද තිබෙන බවත් එයට අලාභහානි සිදුකර තිබෙන අයුරු දැකගන්නට හැකිවූ බවද පොලිසිය පවසනවා.
මෙම ඝාතනය කුමක් නිසා සිදුකර ඇත්තක්ද යන්න මෙතෙක් තොරතුරු අනාවරණය වී නොඅමති අතර අම්බලන්තොට පොලිසිය වැඩි දුර පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.