බදු අඩු කිරීමත් සමග ගොවීන්ගේ අස්වැන්නට ඇති මිල අඩු වුණත් බදු අඩු කෙරුණු ආහාර ද්‍රව්‍ය කිසිවෙක විකුණුම් මිළ තවමත් කැපී පෙනෙන ලෙස අඩු වී නොමැති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
කොළඹ අවට බොහෝ වෙළදසැල්වල අර්තාපල් ඊයේ අළෙවි වුයේ කිලෝග‍්‍රෑම් 1 ක් රුපියල් 120 සිට රුපියල් 160 දක්වා වූ මිල ගණන්වලටයි. ලොකු ළුැණු මිළ කිලෝග‍්‍රෑම් 1 ක් රුපියල් 180 සිට රුපියල් 220 ක් පමණ වුණා.
කෙසේවෙතත් අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පෙරේදා පැවසුවේ අඩු කළ බද්දට ගැලපෙන පරිදි අදාළ ආහාර ද්‍රව්‍යවල මිල වහාම අඩුවිය යුතු බවයි. අඩු කළ නව මිල ගණන්වලට ආහාර ද්‍රව්‍ය අළෙවි කරන්නැයි අමාත්‍යවරයා වෙළදුන්ගෙන් ඉල්ලීමක් ද කළා.
බදු අඩු කළ ආහාර ද්‍රව්‍ය තවදුරටත් වැඩි මිළට අළෙවි කරන වෙළදුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව ද මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුවා.