Tuesday, May 7, 2024

General line - 0115112241

හැමදාමත් වැරදි පෙන්වන සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් ගොවි රක්ෂණයට අගය කිරීමක්

පසන් ද සිල්වා




මෙවර අයවැයෙන් කාලගුණ දර්ශක මත පදනම්ව ගොවීන් සදහා වගා රක්‍ෂණයක් හදුන්වාදීමට ඉදිරිපත් වූ යෝජනාව අගය කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. කෙසේවෙතත් එහි නිවැරදි වියයුතු තැන් කිහිපයක්ද තිබෙන බවයි එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න නෙත් නිවුස් වෙත කියාසිටියේ.

අදාළ වගා රක්‍ෂණය හදුන්වාදීමට යෝජනා වී ඇත්තේ වී, බඩඉරිගු, සෝයා, ලොකු ළුෑනු, අල සහ මිරිස් යන භෝග වර්ග ඇතුළත් වන පරිදි භෝග වර්ග 6 කටයි. රක්‍ෂණ ප‍්‍රතිලාභය අක්කරයකට රුපියල් හතලිස් දහස් වනවා. මේ සදහා 2018 වසර වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 3000 ක්.