Tuesday, May 7, 2024

General line - 0115112241

කුවේට්හි  ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ මුල් පුටුව අජිත් කවිකුමාරට




කුවේට්හි  ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය අජිත් කවිකුමාර තේරීපත්ව තිබෙනවා.

ඊට අදාළ නිලවරණය පසුගියදා කුවේට් හි පිහිටි ශ්‍රී ලංකා  තානාපති කාර්යාලයේ පැවැත් වූණා.

එම නිලවරණයෙන් ආචාර්ය අජිත් කවිකුමාර වැඩි දෙනෙකුගේ කැමත්ත මත නැවතත් කුවේට්හි  ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ සභාපති තනතුරට තෝරා ගනු ලැබුවා.

දැනට කුවේට්හි ශ්‍රී ලාංකිකයන් එක් ලක්ෂ 80000ක් පමණ සේවයේ කරන බව සඳහන්.

නව සභාපති ආචාර්ය අජිත් කවිකුමාර ඉදිරි වසර දෙකක් සඳහා එම ධුරයේ රාජකාරී කිරිමට නියමිතයි.