Wednesday, May 8, 2024

General line - 0115112241

දික්ඔය ඇළට ගිය ලොරිය මෙන්න(VIDEO)

රංජිත් රාජපක්ෂ - හැටන්




නොර්වුඩි සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු ලොරි රථයක් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජාවත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි විස්සක් පමණ ප්‍රපාතයෙන් වු කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළට පෙරලි ඇති බව හැටන් පොලිසිය පවසනවා.

අද(11)පස්වරු 1.30 ට පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අධික වේගයෙන් ධාවනය වී ඇති ලොරි රථයේ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගය අභියස තිබු දුරකථන කණුවක්ද කඩාගෙන ඇළට පෙරලි ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර අනතුරට හේතුව අධික වේගය බවයිපොලිසිය පවසන්නේ.