Tuesday, May 7, 2024

General line - 0115112241

උපාධීධාරීන් 2100කට ගුරුවරුන් වීමට වරම්




මේ වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ හඳුන්වාදී ඇති උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික සහ පළාත් පාසල්වල නව උසස් පෙළ වෘත්තීය විෂයධාරාවට අදාළව පවත්නා සිංහල දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධීධාරීන් 2100ක් බඳවා ගැනීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

2017.12.11 දිනට ප්‍රථම පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ අනුමත විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ඇති අදාළ විෂය උපාධියට ප්‍රධාන විෂයක් ලෙස හදාරා ඇති පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

ළමා විද්‍යාව හා ආරක්ෂාව, ප්‍රාසාංගික කලාව, කාර්ය සිද්ධි කළමනාකරණය, ශිල්ප කලා, අභ්‍යන්තර නිර්මාණකරණය, විලාසිතා නිර්මාණකරණය, ග්‍රැෆික් නිර්මාණකරණය, කලාව හා පිරිසැලසුම්කරණය ඇතුළු වෘත්තීය විෂයන් 26ක් සඳහා නව උපාධිධාරීන් බඳවා ගැනීමට අපේක්ෂා කරනවා.