Thursday, January 16, 2025

General line - 0115112241

අමාත්‍යංශයේ ලිපිකරුවෙක් වෙන්න අවශ්‍ය නෑ

කමල් සුරවීර - මහනුවර




තමන් ආණ්ඩුව තුල සිටිමින් ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙමින් අරගල කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් පවසනවා.

ඔහු කියා සිටියේ තමන් බලයට ගෙන ආ ආණ්ඩුවෙන් ඉවත්වීමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (11) පස්වරුවේ මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී මාධ්‍යවේදින් අසා සිටියේ වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන්ට ගැටලු පවතිනවාද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු පැවසුවේ සමහර රාජ්‍ය අමාත්‍යවරුන්ට ගැටලු පවතින අතර තමන්ට රාජ්‍ය අමාත්‍ය ධුරයක් තිබිය දී අමාත්‍යංශයේ ලිපිකරුවෙකු වීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන්ගේ සම්පූර්ණ කතාව පහතින් දකින්න.