Thursday, January 16, 2025

General line - 0115112241

ජනතාවගේ ආරක්ෂාවට ඇති නීති අයවැයෙන් අහෝසි බව ප්‍රකාශයක්

කසුන් කැලුම්




මෙවර අයවැයෙන් යෝජනා කෙරුණු මැදමුලන බද්ද බැ`දුම්කර බද්ද ලෙස වෙනස් විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ආණ්ඩුව ණය බරින් නිදහස් වීම ස`දහා ජනතාව මත වැඩි බදු ප්‍රමාණයක් පනවා ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ.

ඔහු මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ද අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ වැඩ කරන ජනතාවගේ ආරක්ෂාවට තිබෙන නීති රීති සියල්ල මෙවර අයවැයෙන් අහෝසි වී ඇති බවයි.