Saturday, July 27, 2024

General line - 0115112241

ගල් අරක්කු මිල අඩු කරන ලෙස යෝජනාවක්




කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මත්පැන් සම්බන්ධයෙන් නව යෝජනාවක් ද අද (11) ඉදිරිපත් කළා.

ඔහු කියා සිටියේ කම්කරුවන් අතර ප්‍රචලිත ගල් අරක්කු රුපියල් 750 ක් වැනි මුදලක් දක්වා අඩුකළ යුතු බවයි.

2018 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (11) දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

එහිදී අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මෙම අදහස් පල කළා.

එහිදී අදහස් දැක්වු අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ බීර කෑන් මත පනවා තිබූ බදු ඉවත් කිරීමට ගත් තීරණය අනුමත නොකරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේ ඉදිරිපත් කළ අයවැය ණය සහ බදු මත පමණක් යැපෙන ක්‍රමවේදවලින් සමන්විත වූවක් බවයි.