Thursday, May 16, 2024

General line - 0115112241

අපිත් අමාරුවේ ඉන්නේ.. කාබන් බද්ද ආවොත් බස් ගාස්තුත් ඉහළ දානවා

නිශාන් ද සිල්වා




අයවැයෙන් බස්රථ සඳහා යෝජිත නව කාබන් බද්ද ක්‍රියාත්මක කළහොත් බස් ගාස්තු ද ඉහළ දමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.

යතුරුපැදි, මෝටර් රථ සහ මගී බස් රථ සහා කාබන් බද්දක් පනවන බව අයවැයෙහි සහන්.

ඒ පිළිබ කළ විමසීමකදීයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය ඉහත ප්‍රතිචාර දැක්වූයේ එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්.

ඔහු කියා සිටියේ දැනට පවතින බදු අවම කරනු ඇතැයි තමන් අපේක්ෂා කළ ද නව විශේෂිත බදු පනවා ඇති බවයි.

විශේෂ බදු හඳුන්වාදීමෙන් බස්රථ කර්මාන්තකරුවා ඉතාමත් අසීරුතාවයට පත්ව ඇති බවද ඔහු සඳහන් කළා.

අයවැය යෝජනාවලට අනුව යෝජිත නව කාබන් බද්ද බස් රථයක් සහා දිනකට රුපියල් 2යි ශත 4ක්.

මීට අමතරව යතුරු පැදි සහා දිනකට ශත 17ක් සහ මෝටර් රථ සහා දිනකට රුපියල් 1යි ශත 78ක් කාබන් බද්ද ලෙස අයකරගැනීමට යෝජනා කර තිබෙනවා.

මෙම බදු ආදායම  පරිසරය ආරක්ෂා කිරීමට යොදවන බවයි අයවැය යෝජනාවල වැඩිදුරටත් සහන් වන්නේ.