Thursday, May 16, 2024

General line - 0115112241

ඉන්ධන වාර්තාව කැබිනට් මණ්ඩලයට

මේනකා රත්නායක




රටපුරා තෙල් හියක් ඇතිකරමින් ඉකුත්ද ඇතිවූ අර්බුදය පිළිබ සිය අධ්‍යයනයේ වාර්තාව ලබන අහරුවාදා කැබිනට් මණ්ඩලයට භාරදෙන බව ඒ  පිළිබ සොයාබැලීමට පත්කළ කැබිනට් අනුකමිටුව පවසනවා.

අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගමගේ සභාපතිත්වයෙන් යුත් මෙම කැබිනට් අනුකමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අනුර ප්‍රියදර්ශන යාපා සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන්.

සිය වාර්තාවට දිගුකාලීන විසඳුම් මෙන්ම කෙටි කාලීන විසඳුම් ද ඇතුළත් වන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙහිදී කියා සිටියා.

මේ අතර රටපුරා බොහෝ පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීම මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.