Wednesday, May 8, 2024

General line - 0115112241

මුහුදු ජල මට්ටම ඉහළට

දිනසේන රතුගමගේ




මුලතිව් හා යාපනයේ කෝපායි ප්‍රදේශයේ මහමුහුදේ ජලය පෙර තිබූ තත්ත්වයට වඩා අඩි 5 කින් පමණ ඉහළ ගොස් ඇති බව එම ප්‍රදේශවල ධීවර ජනතාව පවසනවා.

ඒ සම්බන්ධයෙන් තමන් වගකිවයුත් නිලධාරින් දැනුවත් කර ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

යාපනයේ කෝපායි ප්‍රදේශයේ මුහුදේ ජල මට්ටම අඩි 4.5 කින්ද, මුලතිව් මුහුදේ ජල මට්ටම අඩි 5 කින්ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙය සුනාමි තත්ත්වය ද යන්න පිළිබඳව ජනතාව අතර භීතියක් හටගෙන තිබෙනවා.

හදිසියේම මුහුදේ ජල මට්ටම ඉහල යාම දැක ගැනීම සඳහා එම පළාත්වල වැසියන් මහවැසි මැද මුහුද අසලට පැමිණ රොක්වන බවයි අප වාර්තාකරු පැවසුවේ.

කෙසේ වෙතත් nethnews.lk ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලිගෙන් මේ සම්බන්ධයෙන්විමසීමක් කළා.

ඔහු කියා සිටියේ ජනතාව මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නොවන බවයි.

උතුරු පළාතට ඇද හැලෙන අධික වර්ෂාවක් සමග එහි වැසි ජලය එක්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.