Tuesday, May 7, 2024

General line - 0115112241

බිරිඳගේ පොලු ප්‍රහාරයෙන් සැමියා මරුට

ජුඩ් සමන්ත - පුත්තලම




තම ස්වාමි පුරුෂයාට පොල්ලකින් පහර දී ඝාතනය කළ බව කියන කාන්තාවක්ව වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව, පාතිමා මාවතේ පදිංචිව සිටි මසෙව්වගේ සුජී චමින්ද තුෂාර නමැති 49 හැවිරිදි සිව් දරු පියෙක්.

පසුගිය 11 වැනිදා රාත්‍රියේ අධික ලෙස බීමතින් නිවසට පැමිණ ඇති මොහු පොල්ලක් රැගෙන තම බිරිඳට පහර දීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී  බිරිඳ තමන්ට පහර දීමට ගෙන ආ පොල්ල රැගෙන ඉන් තම සැමියාට පහර දුන් බවයි සැකකාරිය පොලිසියට පවසා ඇත්තේ.

පසුව සැකකාරිය තම සැමියාට පහරදීමට යොදාගත් පොල්ලද රැගෙන පොලිසියට පැමිණ බාර වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.