Friday, May 3, 2024

General line - 0115112241

වවුනියාවේදී ලුහුබැඳ පැමිණි ආයුධ සන්නද්ධ පිරිසකගෙන් දෙදෙනෙක්ට ප්‍රහාර

දිනසේන රතුගමගේ




වවුනියාව දුම්රියපළ ආසන්නයේදී අද (12) උදෑසන 6.00ට පමණ වවුනියාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවෙකුට හා ඔහුගේ මිතුරෙකුට පහර දී තුවාල සිදුකොට තිබෙනවා.

පහරදීමට පැමිණි පිරිසෙන් එක් අයෙකු සතුව පිස්තොලයක් තිබූ බවටද කරුණු අනාවරණය වී ඇති බව වවුනියාව පොලිසිය පවසනවා.

මෙම පහරකෑමට ලක්ව අත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවකු වන පොන්නතුරෙයි අරවින්දන් නැමැත්තෙකු හා ඔහුගේ මිතුරෙක්.

ඔවුන් දෙදෙනා වෑන් රියකින් ගමන් කරමින් සිටියදී ඔවුන්ව ලුහුබැඳ පැමිණි මෝටර් රථයක් වෑන් රථය නතර කොට මෙම ප්‍රහාරය එල්ල කොට තිබෙනවා.

ප්‍රහාරය එල්ල කළ පිරිස කවුරුන්දැයි යන්න හා ප්‍රහාරය එල්ල කළේ කවර හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධියෙන් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති අතර අනෙක් තැනැත්තා සුලු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් වවුනියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන අතර වවුනියාව පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වනු ලබනවා.