Friday, May 3, 2024

General line - 0115112241

වැලිකන්ද අනතුරින් පුද්ගලයෙකු මරුට - 19 ක් තුවාල




වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ (11) රාත්‍රී 8 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පාපැදියේ ගමන් කළ පුද්ගලයෙක්.

ඔහුගේ බිරිඳ බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මඩකලපුව සිට වැලිකන්ද දෙසට පැමිණි වෑන් රථයක් පාපැදියක් පසුකර යාමට උත්සාහ ඇති අතර එය දුටු ඉදිරියෙන් පැමිණි ලංගම බස් රථයක් අනතුර වැලැක්වීමට උත්සාහ කිරීමේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත් වෑන් රථය පාපැදියේ ගැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයා මරණයට පත්ව තිබෙනවා.

බස් රථයේ ගමන් කළ පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර  අනතුරට හේතුව වෑන් රථ රියදුරාගේ අපරීක්ෂාකාරී ධාවනය බවටයි අනාවරණ  වී ඇත්තේ.

වෑන් රථ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.