Friday, May 3, 2024

General line - 0115112241

කාබන් බද්ද ගැන තවදුරටත් අධ්‍යයනය කරයි

නිශාන් ද සිල්වා




වාහන වර්ග කිහිපයක් සඳහා අලූතින් හඳුන්වාදීමට අයවැයෙන් යෝජනා කෙරුණු කාබන් බද්ද ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි තවදුරටත් අධ්‍යයනය කළයුතු බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

දැනට එය යෝජනාවක් පමණක් බවයි එම අමාත්‍යංශයේ ලේකම් ජී. එස් .විතානගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ.

අදාළ කාබන් බද්ද වසර 05කට වඩා පැරණි නොවන වාහන සඳහා පමණක් අය කිරීමට යෝජනාවූයේ මන්ද? එම බද්ද අයකර ගන්නා ක්‍රමය කුමක්කද? දැනට කෙරෙන කාබන් විමෝචන පරීක්ෂණයේ ගාස්තුවලද වෙනසක් මේ නිසා සිදුවනු අද්ද? වැනි ප්‍රශ්න කිහිපයක් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවන් ඉදිරිපත් කළා. ඒ පිළිබ කළ විමසීමකදීයි ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා ඉහත ප්‍රතිචාර දැක්වූයේ.

මේ අතර කාබන් බද්දක් මගී බස් රථවලට පැනවුවහොත් එම මුදල මගීන්ගෙන් අය කරගන්නා බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පැවසුවේ.

ඒ අනුව බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවද එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළා

අයවැය යෝජනාවට අනුව යතුරු පැදි සදහා දිනකට ශත 17ක් ද, මෝටර් රථ සඳහා දිනකට රුපියල් 1යි ශත 78 ක්  සහ මගී බස් රථ සදහා දිනකට රුපියල් 2යි ශත 74 ක් ද කාබන් බද්ද ලෙස අය කිරීමට නියමිතයි. අදාළ අදායම පරිසරය ආරක‍ෂා කිරීම සදහා යොදවන බවද අයවැය යෝජනාවේ සහන්.