Wednesday, May 8, 2024

General line - 0115112241

පෙළගැසෙන්නේ මහින්දගේ නායකත්වයෙන් පමණයි -  රජරට ජන රැළියෙන් ඇසෙන කතා (VIDEOS/PHOTOS)




ඒකාබද්ධ විපක්ෂය සංවිධානය  කළ රජරට ජන රැළිය අනුරාධපුර නගරයේදී අද (12) පස්වරුවේ ආරම්භ වුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ඊට එක්ව සිටියා.

එහිදී ජන රැළිය අමතමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන පක්ෂයකට පමණක් තමන් සහයෝගය දෙන බවයි.

ඔහු පෙන්වා දුන්නේ එහි ලේකම්වරයා විය යුත්තේ ද තමන්ගේ අයෙකු බවයි.

මේ අතර රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ප්‍රවිත්‍රා වන්නිආරච්චි මෙම ජන රැළිය අමතමින් තෙල් පෝලිම් පිළිබඳව කරුණු සඳහන් කළා.

ඇය එහිදී සඳහන් කළේ මේ රටේ ජනතාව ඉතිහාසයේ නැව් දෙකක් එන තුරු  බලා සිට ඇතිබව තෙල් පෝලිම්වල සිටි තරුණයන් සමාජ ජාලවල සඳහන් කර තිබූ බවයි. 

 

----------------------------------------------

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ රැළිය අනුරපුරෙන් ඇරඹේ (12-11-2017 12:12)

ඩිල්ෂාන් මඩවල

වත්මන් ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනරැළි මාලාවේ පළමුවැන්න අනුරාධපුර නගරයේදී අද (12) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වත්මන් ආණ්ඩුවට එරෙහි ප්‍රධාන බලවේගය ලෙස නැගී සිටීමේ පළමු අදියර අද මෙලෙස අනුරාධපුරයෙන් ආරම්භ කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පැවසුවේ.

අනුරාධපුරයෙන් ආරම්භ කරන මෙම ජනරැළි මාලාව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පැවැත්වීමට මේ වනවිටත් සැලසුම් කර ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.