Friday, May 3, 2024

General line - 0115112241

එජාපෙ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ජනපතිගේ ප්‍රකාශය ගැන කරුණු විමසයි

හර්ෂිකා සංජීවනී




බැඳුම්කර කොමිසම පිළිබ ඉකුත්දා ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

පූජ්‍ය මාදුලූවාවේ සෝභිත හිමියන්ගේ ගුණ සැමරුම් උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ප්‍රශ්න ගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් විසින් ජනාධිපති කොමිසමක් පත්කිරීම ඇතැමුන් විවේචනයට ලක්කරන බවයි.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය හරහා බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ල කෙරෙන ස්වභාවයක් දක්නට ලැබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ඒ අනුව ජනාධිපතිවරයා හමුවී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමට අපේක්ෂා කරන බව මන්ත්‍රීවරයා කියා සිටියා.

පසුගිය රජය සමයේ සිදුවූ මහාපරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් සොයාබැලීමට ද ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ද අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.