Friday, May 3, 2024

General line - 0115112241

වාහන ධාවනයට භූමිතෙල්

සනත් ගමගේ - හම්බන්තොට




බස් රථ හා ටිපර් රථ ධාවනය කිරීම සඳහා භූමි තෙල් යොදා ගන්නා බව හම්බන්තොට ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඉන්ධන පිරවුම් හල් සේවකයෝ පවසන්නේ ඩීසල් වෙනුවට භූමි තෙල් බස් හා ටිපර් රථ වලට යොදා ගැනිම හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙහෝ ඉන්ධන පිරවුම් හල සිදු වන බවයි.

භූමි  තෙල් රජයේ සහනාධාරය යටතේ රුපියල් 49 ක් වැනි මුදලකට සාමාන්‍ය ජනතාවට මෙන්ම ධීවර කාර්මිකයින්ට සැපයීම සිදු කරන අතර මහා පරිමානයෙන් භූමි තෙල් සැපයුම සිදුනොකරන අතර පසුගිය දිනවල සිට භූමිතෙල් සඳහා ඉහල ඉල්ලුමක් පැවැතීමේ හේතුව සොයා බැලීමේ දී ටිපර්  රථ හා දුර ගමන් බස් රථ සඳහා භූමි තෙල් යොදා ධාවනය කිරීම සිදු වන හෙයින් භූමිතෙල් සඳහා ඉල්ලුම වැඩි වී තිබෙන බව අනාවරනය වුණා.

භූමිතෙල් යෙදීමෙන් වාහනයේ එන්ජිමට සිදුවන හානියට වඩා ලාභයක් භූමිතෙල් යොදා වාහන ධාවනයෙන් තිබෙන බව ද වාහන හිමියෝ පවසනවා.

යාපනය, අනුරාධපුර ප්‍රදේශවල මේ ආකාරයට භූමිතෙල් යොදා බර වාහන ධාවනය සිදු වී ඇති බවත්, අදවන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද ඇතැම් ප්‍රදේශ වල මෙය ක්‍රියාත්මක වන බව අනාවරණය වි තිබෙනවා.

මේ සම්බන්දව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම් හල් හිමියන් කිහිප දෙනෙකුගෙන් විමසීමේ දී කියා සිටියේ වෙනදාට වඩා භූමිතෙල් ඉල්ලුම ඉහල ගොස් ඇති බවයි.