Friday, May 3, 2024

General line - 0115112241

ව්‍යාපාරිකයෙක් පාතාලයන්ට පහරදී ගැලවුණු ත්‍රාසජනක අවස්ථාව (PHOTOS)

වවුනියාව - මාධව කුලසූරිය




වවුනියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු පැහැරගැනීමට පැමිණි කණ්ඩායමක සාමාජිකයින් තිදෙනෙකු අද (12) උදෑසන වවුනියාව නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වව්නියාව පොලිසිය පවසනවා.

යෝගරාසා ගෙජ්න්ද්‍රන් නැමති ව්‍යාපාරිකයා වවුනියාව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට පැමිණ තම වෑන් රථයට ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව ගමන් කරමින් සිටියදී මෝටර් රථ දෙකකින් පැමිණි පිරිසක් මෙම ව්‍යාපාරිකයාට පහරදී තිබෙනවා.

පහරදීමෙන් අනතුරුව තමන්ව මෝටර් රථයකට බලහත්කාරගෙන් නංවාගෙන පැහැරගෙන යාමට උත්සහ කොට ඇති අවස්ථාවේදී මෙම ව්‍යාපාරිකයාද පැහැරගැනීමට පැමිණි කණ්ඩායමට පහරදී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ව්‍යාපාරිකයා පහරදෙන අවස්ථාවේ ප්‍රදේශවාසීන්ද පැමිණ ඇති අතර, එම පහරදීම හේතුවෙන් එක් සැකකරුවකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙම ස්ථානයට ප්‍රදේශවාසීන්ගේ පැමිණීමත් සමග ව්‍යාපාරිකයා පැහැරගැනීමට පැමිණි එක් මෝටර් රථයක් හා පැමිණි පුද්ගලයින් කිහිපදෙනකු පළාගොස් ඇති බවද පොලිසිය පවසනවා. 

විදේශ රැකියා ලබාදෙන බවට සිදුකළ මුදල් වංචාවක් හේතුවෙන් අදාළ ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබාගැනීම සඳහා තමන් ඇතුලු කණ්ඩායම පැමිණි බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට පවසා ඇත්තේ.

වවුනියාව ආරක්ෂක අංශ පවසන්නේ කොළඹ සිට පැමිණි පාතාල කල්ලියක පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම ව්‍යාපාරිකයා පැහැරගැනීම සඳහා පැමිණි සිව්දෙනකු පළාගොස් ඇති අතර, පළාගිය පිරිස අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.