හැටන් නගරයේ ඩන්බාර් විදියේ ගාල්කර තිබු රැපියල් ලක්ෂ හතරක් පමණ වටිනා යතුරු පැදියක් ඊයේ (11) රාත්රියේ සොරාගෙන ගොස්ඇති බව එම යතුරුපැදියේ අයිතිකරු හැටන් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
තුරඟ තරග ඔට්ටු අල්ලන ස්ථානයක සේවය කරන සේවකයෙකුගේ යතුරුපැදියකුයි මෙසේ සොරාගෙන ඇත්තේ.
දිනපතා තම සේවා ස්ථානයට ඉදිරිපිට වෙළඳසැලක් අභියස තම යතුරු පැදිය නතරකර තබන බවත් ඊයේ රාත්රීයේ සේවාමුරය අවසන් වි නොර්වුඩි ප්රදේශයේ පිහිටි තම නිවසට යෑම සඳහා යතුරුපැදිය වෙත පැමිණෙන අවස්ථාවේදී යතුරුපැදිය නොතිබුණු බවයි එම සේවකයා පවසන්නේ.
යතුරුපැදිය වෙත පැමිණෙන සැකකරු යතුරුපැදියේ යටින් වයර් කිහිපයක් ගලවා යතුරුපැදිය පණ ගන්වා ගෙන යන අයුරු ඒ අසල තිබූ ස්වර්ණාභරණ වෙළඳසැලක CCTV කැමරා පද්ධතියේ සටහන්වී තිබුණා.