Wednesday, May 8, 2024

General line - 0115112241

පෙට්‍රල් අර්බුධයේ ඇත්ත හේතු සොයා ගනී - ඇමති අමුණුගම මහනුවර දී කළ ප්‍රකාශය මෙන්න 

හේරත් ඒකනායක - මහනුවර 




පසුගිය දා ඇතිවූ පෙට්‍රල් අර්බුදයට බලපෑ හේතු සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කැබිනට් අනුකමිටුව සිය වාර්තාව සකස් කර අවසන් කර තිඛෙනවා. 

අනු කමිටුවේ සාමාජිකයෙකු වන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පැවසුවේ ඉන්ධන  අර්බුදයට බලපෑ හේතු පිළිබඳ  එම වාර්තාවේ තොරතුරු ඇතුළත් කර ඇති බවයි. 

ලබන අඟහරුවාදා දිනයේ අදාළ වාර්තාව ජනාධිපතිවරයාට ලබා දෙන බවයි මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.