Monday, May 6, 2024

General line - 0115112241

බාල තෙල් ගෙන්වන්නේ නෑ (VIDEO)

චන්දන උඩුවාවල




රට අභ්‍යන්තරයට බාල ඉන්ධන ගෙන්වීමට තමා ඉඩ නෙදෙන බව ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

තෙල් මාෆියාව මෙරට තුළ දිගින් දිගමට පැවති දෙයක් බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකරන ලෙසත් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා ඊයේ (12) පස්වරුවේ මහනුවරට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවෙිදීන් ‍වෙත අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.