Monday, May 6, 2024

General line - 0115112241

ලංගමය ලාභ ලබන්නේ මේ විදහටයි




අයවැය මගින් යෝජනා කෙරුණු විදුලි බස් රථ සේවය හේතුවෙන් දෛනිකව ඩීසල් ලීටර් මිලියන 5ක් පමණ ඉතිරි කරගත හැකි බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

සංචිතයේ ඇති බස්රථ 6000කට අධික සංඛ්‍යාවෙන් මේ වනවිට ධාවනයේ යොදවන ලංගම බස් රථ සංඛ්‍යාව 5600ක්.

දෛනිකව එම බස් රථ කිලෝමීටර් මිලියන 1යි දශම 5ත් 1යි දශම 4ත් අතර දුරක් ධාවනය කෙරෙනවා.

ඩීලස් ලීටරයකින් ලංගම බස් රථයක් ධාවනය කළ හැකි දුර ආසන්න වශයෙන් කිලෝමීටර් 3යි දශම 7ක්.

නව යෝජනාව හේතුවෙන් පරිසරය ආරක්ෂා වනවා සේම ලංගමයට ද විශාල ලාභයක් ලැබෙන බවයි එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරි පී.එච්.ආර්.ඩී. චන්ද්‍රසිරි නෙත් නිවුස් වෙත කියා සිටියේ.