Monday, May 6, 2024

General line - 0115112241

ඉරුනු සපත්තු මේස් සමගින් දකින සිහිනය (PHOTOS)

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




තමන්ට අනුරාධපුර ජාතික පාසලේ අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලබාදෙන ලෙස මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 174 ක් ලබාගත් පාසල් දරුවෙකු බලධාරින්ගෙන් ඉල්ලා සිටිනා.

දැනට කැකිරාව කුඹුක්වැව විමලසිරි විද්‍යාලයේ මෙම දරුවා 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

නමින් එම දරුවා අයෝද් නවෝද්.

මෙම දරුවා මීට අවුරුදු තුනක සිට බරපතළ රෝගී තත්ත්වයකින් පෙළෙමින් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එම දරුවා වකුගඩු වලට  බලපාන රෝගයකින් පෙළෙන බවයි දෙමව්පියන් පවසන්නේ.

පාසලට වඩා මෙම දරුවා ඉගෙනීම් කටයුතු සිදු කළේ පේරාදෙණිය සහ දඹුල්ල රෝහල්වල බවයි වාර්තා වුණේ.

මෙම දරුවාගේ සිහිනය ඉංජිනේරුවෙකු වීමයි.

එම දරුවාගේ සිහිනය සැබෑ කර දීමට ඔහුගේ අසරණ දෙමාපියන්ට නොහැකිව තිබෙනවා.

කුලී රැකියාවේ නිරත මෙම දරුවාගේ දෙමාපියන් වසර තුනක සිට හම්බකරන මුදල් සියල්ල ආකාශ්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා වියදම් කරමින්

මෙම දක්ෂ දරුවා අනුරාධපුර ජාතික පාසලට ඇතුලත් වීමේ බලාපොරොත්තුවෙන් පසු වන අතර තමන්ගේ ගමේ පිහිටි කුඹුක්වැව විද්‍යාලයේ අධ්‍යාපනය සඳහා ගියේ කැඩුණු සපත්තු දෙකක් සහිතවයි.

ඉරී ගිය  මේස් දෙකක් පමණක් ද   එම දරුවා සතුවන අතර දෙමව්පියන්ට ද මේ වනවිට ආකාශ් බලාපොරොත්තු ඉටුකර දීමට නොහැකිව ඉතා දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති බවයි සඳහන් කරන්නේ.

මෙම දරුවාගේ ජාතික පාසල් සිහිනය සැබෑ කරදීමට බලධාරින් කටයුතු දෙන ලෙස දෙමාපියන් ඉල්ලා සිටින අතර රෝගී තත්ත්වයෙන් පසුවන මෙම දරුවාට යම් ආකාරයකින් උදව්වක් කිරිමට හැකියාවක් ඇත්නම් මෙම අංකය 071 046 7647 මගින් සම්බන්ධ විය හැකි බවයි දෙමාපියන් පවසන්නේ.