Monday, May 6, 2024

General line - 0115112241

හම්බන්තොට උද්ඝෝෂණයේ 31 දෙනාට අද දුන්නු තීරණය මෙන්න (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




හම්බන්තොට විරෝධතා සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් 31 දෙනෙකුට අද (13) ඇප ලබාදී තිබෙනවා.

එම සැකකරුවන් අද පෙරවරුවේ හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප ලබාදීමට හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඒ අනුව එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහරින ලෙසටයි එහිදී නියෝග කෙරුණේ.

මෙලෙස ඇප නියම වූ පිරිසට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර හා විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ද ඇතුළත්.

මෙම 31 දෙනාට අද ඇප හිමිවූයේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර දින 34කට පසුවයි.

හම්බන්තොට සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 8 දෙනෙකුට ඉකුත් මස 16 වැනිදා ඇප හිමිවුණා.

එහි ඡායාරූප පහතින් දකින්න.