Monday, May 6, 2024

General line - 0115112241

පෝලිම් කඩාගෙන ඇවිත් පෙට්‍රල් ගැහුව පොලිසියට වැඩ වරදියි




ඉන්ධන අර්බුදය පැවැති දින කිහිපයේ කළුතර දකුණ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 8 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ නියෝග මතයි.

පොලිස් නිලධාරීන් 6 දෙනකු පයාගල පොලිසියටත් දෙදෙනකු බේරුවල සහ අලූත්ගම යන පොලිස් ස්ථාන වෙතටත් මාරු කර යැවුණා. 

පොලිස් පෙරගමන් රථවලින් පැමිණි මෝටර් රථයකට ඉන්ධන ලබාගැනීමට උත්සහ දැරීමේදී පෝලිමේ රැ`දී සිටි අයකු ඊට විරෝධය පෑමත් සම`ග එහි උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඊට අදාළ වීඩියෝව සම්බන්ධයෙන් සමාජයේ ඇතිවූයේ දැඩි කතාබහක්.

මෙම පොලිස් පෙරගමන් රථවලින් පැමිණ ඇත්තේ කළුතර දකුණ පොලීසියේ නිලධාරීන් බවයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

මෝටර් රථයෙන් පැමිණ ඇත්තේ කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්.