Monday, May 6, 2024

General line - 0115112241

අනාවරණය වූ කොරපොතු ජාවාරම




කැබැල්ලෑවා නමැති සත්වයාගේ කොරපොතු විදේශවලට විකිණීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනකු කල්පිටිය පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමයි.

ඔවුන් සතුව තිබී කැබැල්ලෑ පොතු කිලෝ 130ක් අඩංගු පාර්සල් 4ක් සොයාගැනුණා.

ඒ කල්පිටිය තිල්අඩිය ප්‍රදේශයේ නිවසක සවා තිබියදීයි.

ඒවා නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ඒමටයි සැලසුම් කර තිබුණේ.

මෙම සත්ව කොටස්වල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.

කුරුණෑගල ආශ්‍රිත ප්‍රදේශවලින් ඒවා රැස්කරගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත්තේ.

කලක සිට ඔවුන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබුණා.