Friday, May 17, 2024

General line - 0115112241

ඉටු නොවුන පොරොන්දුවක් ගැන කියන අවුකන විහාරාධිපති

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




ඉටු නොවුන පොරොන්දුවක් ගැන කියන අවුකන විහාරාධිපති අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ආරක්ෂාව සඳහා අකුණු සන්නායකයක් සවි කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා පොරොන්දු වුවත් එය මෙතෙක් ඉටු වී නැතැයි අවුකන විහාරාධිපති ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම පොරොන්දුව නිවේදනයකට පමණක් සීමා වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ද උන්වහස්සේ ප්‍රශ්න කර සිටියා.

මෙයට පෙර ද එවැනි ප්‍රකාශ සිදුවී ඇති බවයි අවුකන විහාරාධිපති ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් පෙන්වා දුන්නේ.

අවුකන විහාරාධිපති ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ තමන් මේ පිළිබව කැබිනට් රැස්වීමේදී ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවයි.

පුරාවිදයා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරියෙක් පැමිණ ලිපියක් රැගෙන ගිය ද මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවද උන්වහන්සේ කියා සිටියා.